Pages

Subscribe:

Thursday, October 4, 2012

NETLLER වලින් සල්ලි ගනිමු





‍හැමෝටම  හෙන අවුලක්නේ ලංකාවට සල්ලි ගෙන්න ගන්න එක නේද? ‍එහෙනම්
මෙන්න විසදුම....



neteller කියන්නෙ  ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි.
ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ.



සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි.
මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ.



  • 1. Identity Verification Document
    මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.
    (Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම)
  • 2.Address Verification Document
    මේ සදහා ඔබ, ඔබේ නමින් ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ.
    ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්,
    Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය.

වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ.


  • 3. Quick telephone call to verify your identity
    ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය.
    පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත.‍(මෙය අනිවාරය නැත)
    වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය.(මෙය බැංකු අනුව වෙනස් වේ.)
ගිණුම තහවුරු කල පසු ඔබට මෙසේ දිස්වේ


ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක.පහත දැක්වෙන්නේ මෙම සමාගමෙන් නිකුත් කල කාඩ් පතකි.

.නියොබක්ස් හැදුවෙනැත්තම් මෙතනින් හදා ගන්න.

0 comments:

Post a Comment