Pages

Subscribe:

Labels

Showing posts with label Online Bank Account. Show all posts
Showing posts with label Online Bank Account. Show all posts

Wednesday, October 3, 2012

ඔබගේ payza අන්තර්ජාල බැංකු ගිණුම 100% නිවැරදිව Verify කරගන්නා ආකාරය .



හොඳයි අන්තර්ජාලයෙන් සල්ලි හම්බු කරන්නේ අරමයි මේමයි කියලා කොයිතරම් උදවිය කෑගැහුවත් ඒ හම්බු කරන සතේ අතට අරන් පොකැට්ටුවට දාගන්නේ කොහොමද කියලා තාම කිසි කෙනෙක් හරියට කියලා දීලා තියන වගක් මම අන්තර්ජාලේ පැත්තේ කොයිතරම් කරක් ගැහුවත් දැක්කේ නම් නෑ ඉතින් අද මගේ මේ උත්සාහය අන්තර් ජාල බැංකු ගිනුමක් 100% හරි විදියට හදන හැටි ඔබ තමුන්නාන්සේලාට කියාදීමයි .

ඊ මනී හම්බු කරනවානම් කරන වැඩේ අපි තිතට කරමු නැත්තම් නොකර ඉම්මු . 

මුලින්ම බලමු මොනාද මේ අන්තර්ජාල බැංකු ගිනුම් කියලා . මට එකක් නෙවේ ලැයිස්තුවක්ම දුන්න හැකි . මම මේ පහලින් දාන අන්තර්ජාල බැංකු ගොඩාක්ම ආරක්ෂිතයි . අපේ ගමේ හන්දියේ තියන බැංකුව තරම්ම මේ අන්තර්ජාල බැංකුවේ දාන සල්ලිත් පරිස්සම් . මම පහලින් අන්තර්ජාල බැංකු ගිනුම් දෙකක් ගැන විස්තර දෙන්නම් .

 1 . paypal

පේ පෑල් = පේ පෑල් කියන්නේ බොහොම ප්රසිද්ද ගොඩක් ප්රයෝජනවත් අන්තර්ජාල බැංකු ගිනුමක් ඒත් වැඩේ කියන්නේ මේකෙන් සල්ලි ලංකාවට ගෙන්න ගන්න එක බොහොම අමාරු වැඩක් . වටෙන් පිටෙන් සල්ලි අතට ගන්න පොඩි පොඩි ක්රම තිබුණා වුණත් ඒවා එක වතාවක් දෙකක් හරි ගියාට හැම වෙලේම හරි යන්නේ නෑ . මම මේ කියන්නේ අද්දැකීමෙන් . මගේ පේ පෑල් එකෙත් සල්ලි ටිකක් තිබුණා මම අමාරුවෙන් හම්බ කරගත්තු . ඒත් එක වතාවක් ඒවා මගේ Debit card එකට දාගන්න ගියාම මටත් හිතාගන්න බැරි විදිහට අන්තරස්දාන වුණා . එදයින් පස්සේ මම මේ . paypal පාවිච්චිය අත හැරියා . සල්ලිත් එක්ක සෙල්ලම් ඕනෙ නෑ නේ . අදින් පස්සේ මම පේපෑල් එක්ක යාලු කම් අඩු කරනවා .



 2. payza



  මේ අන්තර්ජාල බැංකුව ලංකාවට සහාය දක්වනවා ඉහටත් උඩින් . මේකට දාන මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි එහෙම නැත්තම් චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම් කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා . ඒක නිසා චෙක් කෙරුවාව හොඳයි . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා .


  මුලින්ම පහල තියන බැනර් එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න


ඊට පස්සේ ලොකුවට බට්න් එකක් ඇති Sign Up කියලා ඒකෙන් සයින් අප් වෙන්න
 




ඊලඟට කියාවි එකවුන්ට් වර්ග තුනක් දීලා එකක් තෝරගන්න කියලා එතනින් personal pro වර්ගය තෝරාගන්න . 




දැන් ඉතින් තමන්ගේ පෞද්ගලික විස්තර , ඊමේල් ළිපිණ . පෝස්ටල් කෝඩ් ආදිය හෙම දීලා ඉදිරියට යන්නකෝ කාටහරි කෙනෙකුට තමන් ඉන්න පලාතේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න අමාරු නම් මෙතනින් ගිහින් ඒකත් හොයාගන්න . 

හොඳයි දැන් ඔයා ඔය උඩ තියන ෆෝම් එකේ තමන්ගේ විස්තර සේරම දීලා ඉවර වෙලා යන්නේ දෙවනි පියවරට ඔය උඩින් ලොකුවට තියෙන්නෙ ස්ටෙප් වන් ටූ කියලා ...

හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල . ඒකත් අමාරු නෑ . සාමාන්‍ය විදිහට පුරුවාගෙන යන්න .ඒත් පොඩි වැදගත් දෙයක් තියනවා . ඔය ඉහත රූපේ ඊතලේකින් පෙන්වනවා නේද Transaction Pin කියලා එකක් ඔන්න ඕකට අකුරු හතරක විතර නම්බර් එකක් දෙන්න . හැබැයි පුතෝ ඕක අමතක කරන්න නම් එපා ! . ගිනුමට සල්ලි දාන්න , සල්ලි ආපහු අතට ගන්න ඕක ඕනෙ වෙනවා . ඒක නිසා මතක තියන එකක් දාන්න .  ඊලඟට ඉතින් security Question එකක් තෝරන්න කියාවි . ඒකත් සම්පූරණ කරන්න .  

හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .

මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න

ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ තියනවා පොඩි ලිංක් එකක් . ඒක ක්ලික් කරන්න (ඊමේල් එක කියවන්නත් අමතක කරන්න එපා )

දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ?

ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ විස්තර ඇතුලත් කරන්න ඕනෙ . අනිවා ඔයාලත් මේ වැඩේ කරන්න කරන්න බැරිනම් දැම්ම වැඩේ අතාරින්න .

Payza වලට සහාය එලටම දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම HNB ගිනුමක් ඕපන් කරන්න වෙනවා . ඒක ඒ හැටි දෙයක් නෙවෙයි . බොහොම ලේසියි . ගියා සල්ලි ටිකක් දාලා ඕපන් කලා පොතයි කාඩ් එකයි එවේලෙම දෙනවා . ඔයාලට තියෙන්නේ ගෙදර එන එක .

මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක් ඕනෙ කියලා ඉල්ලගන්න . ඊට අමතරව ඔයා කියන්න ඕනෙ ඔයාගේ ඔය  Visa Debit Card එක Online payment කල හැකි විදිහට හදලා දෙන්න කියලා .

ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955 අංකෙට කතා කරලා කාඩ් එක Online payment කල හැකි විදිහට හදා ගන්න .ඔන්ලයින් පේමන්ට් කල හැකි විදිහට කාඩ් එක සකස් වුණාට පස්සේ අපි යමු අවසාන පියවරට ..

අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment සකස් කරලාද කියලා සැක හැර දැනගන්නත් අමතක කරන්න එපා !


අවසාන පියවර




ඉහත රූපයේ තියන විදිහට මුලින්ම My Payza Account කියන මෙනුව දිග ඇරගෙන ඉන් පස්සේ My credit card කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබෙන් අහාවි ඔබේ කාඩ් එකේ විස්තර ,

පහත රූපයේ ඒ කියන තැන් වලට ඔබේ කාඩ් එකේ විස්තර දෙන්න කෝ 







කාඩ් නම්බර් එකයි Expiration date එකයි දීලා ඉවර වුණාම  CSV/CVV කියලා එකකුත් අහනවානේ . එතකොට කාඩ් එක අනික් පැත්ත හරවන්න කාඩ් එකේ අත්සන ගහන තැන අංක තුනකින් සදුම්ලත් CSV/CVV එක තියනවා ඔයාට පෙනේවි

හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට ලැබේවි ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමට අවස්ථාවක් . බය නැතිව ඒක කරන්න ..

අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට . දැන් ඔබට තියෙන්නේ වහාම 011-2671955 අංකෙට කතා කරලා ෆෝන් එක උස්සන කෙනාට මෙන්න මෙහෙම කියන්නයි

"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක් කලා ඉතින් ඒගොල්ල මගේ කාඩ් එකට පොඩි ඩොලර් එමවුන්ට් එකක් එවලා ඇති කරුණා කරලා මට ඒක කියන්ඩ ප්ලීස් "

ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි . දවසක් දෙකක් පමා වුණා කියලා බය වෙන්න එපා . මුකුත් වෙන්නේ නෑ .


හොඳයි මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් බෑංකු ගිනුමක් හරියට හදාගන්නේ . සමහරුන්ට හිතේවි මේක අමරුයි කියලා අපෝ නෑ මේක හරි ලේසියි . කාට හරි ගැටලුවක් ආවොත් sachinneobux@gmail.com කියන මගේ මේල් එකට කරුණාකරලා මේල් එකක් දාන්න මම පුලුවන් ඉක්මනට ඔයාලට උදවු කරනවා ..
එහෙම නැත්තම් ඔයාලට Emony සිංහලෙන් කියන ෆේස්බුක් ගෲප් එකෙනුත් ඕනෙම ප්‍රශ්නයක් ඇහුව හැකි මම ඔයාලට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා 

එහෙනම් .. අපි හරියට වැඩේ කරමු මේ ලිපියෙන් බ්ලොග් එක ඉවර නෑ . තව තව අන්තර්ජාලයනෙ මුදල් හොයන නියම ක්‍රම ගොඩක් මම ඉදිරියට ඔබට කියාදෙන්නම් ..දිගටම  මා එක්ක ඉන්න . ‍


මේල් කරන්න - sachinneobux@gmail.com
ෆේස්බුක් ගෲප් එක Emony සිංහලෙන්



පරණ ලිපියක් බලන්න -  සල්ලි හොයන්න සරලම ක්රමයක්.



Friday, August 10, 2012

CREATE PAYZA ACCOUNT





HOW CAN I CREATE A  PAYZA ACCOUNT  

The PAYZA account is a internet bank account. We can money sent and receive in the internet.    If  you want to receive  the E- money from internet ptc bux account or other wise , then you need payza account. Okay, let we see that, how create a payza account free.

Please click on this banner to create payza
  


After that you can get see this window.

you need to select the personal stator  in this window

after you should fill this form, which you get.  Specially  never forget to keep in your correct personal date in this form. Because this is the bank account your own ....





If you don’t know your postal code  Click thisfor get  your postal code  


give the transaction PIN number as you like. You must remember your transaction PIN , it’s  need you to send and receive money


After that  you are finished to create your payza account,

                       Thank you 
 Click here for know to earn money free. from internet